1925 june 23 වැනි දින ස්කොට්ලන්තයේ උපත ලැබූ John Sheperd Barron නැමති
පුද්ගලයා ලොව ප්‍රථම ATM යන්ත්‍රය නිපදවිය. එක් සෙනසුරාදා දිනක ඔහු මුදල්
ලබාගැනීමට බැංකුවට ගොස් ඇත.(හැම සෙනසුරාදාම බැංකුවෙන් මුදල් ලබාගැනීමේ
පුරුද්දක් ඔහුට තිබුනලු). නමුත් ඔහු එදා බැංකුවට යද්දී විනාඩියක් පරක්කු වී
ඇත. ඒ වනවිටත් බැංකුව වසා තිබුණු නිසා ඔහුට එදා මුදල් ලබාගැනීමට නොහැකි වී
ඇත. තමාගේ මුදල් තමාට අවශ්‍ය වේලාවට ලබාගැනීමට නොලැබුණු නිසා මහත් සිත් තැවුලට පත් වූ barron පාර දිගේ ගමන් කරමින්
සිටින විට කාසි දමා චොකලට් ලබාගන්නා මැෂින් එකක් දැක තිබනවා. එය දැකපු
ඔහුට මේ විදියට මුදල් ලබාගන්නට තිබුනොත් කොච්චර හොදද කියා හිතිලා තියනවා.
ඔහුට එදා පහළ වෙච්ච අදහස තමයි අද ලොවම පාවිච්චි කරන ATM (Automated Teller
Machin) යන්ත්‍රය. අද වනවිට ඇන්ටාටිකාවේ පවා එක් ATM යන්ත්‍රයක් ඇත.
![]() | |
| John Shepherd Barron |
ලොව ප්‍රථම ATM යන්ත්‍රය Barclays බැංකුව විසින් 1967 වන වර්ෂයේ උතුරු ලන්ඩනයේ enfield town නැමති ස්ථානයේ පිහිටුවන ලදී. මෙම ATM යන්ත්‍රය එංගලන්තයේ ප්‍රබල විකට ටෙලි නාට්‍ය නළු Ray Vagney අතින් ආරම්භ කරන ලදී. මෙම
යන්ත්‍රය පාවිච්චි කරන ලද්දේ විශේෂ වර්ගයේ චෙක්පතක් භාවිතා කරමිනි. ඒ
කාලයේ දැන් පාවිච්චි කරන ප්ලාස්ටික් කාඩ් සොයාගෙන තිබුනේ නැත. අද වනවිට
පෝලන්තය වගේ රටවල ATM යන්ත්‍ර සඳහා ඇඟිලි සළකුණු තාක්ෂණය භාවිතා කරනු
ලබයි.
![]() | ||
| Ray Vagney |
ප්‍රථමයෙන්ම අපි දැනගත යුත්තේ ATM කියන්නේ නිකම් නිකම් පරිගණකයක් (dumb System) පමණි.
අපේ Teller card එක බාරගෙන කාඩ් එකේ දත්ත ටික කියවලා බලා අපේ බැංකු
ගිණුම අයිති බැංකු ජාලය සම්බන්ද කරගෙන අපි දුන් කාඩ් නම්බර් එක සහ PIN නම්බර් එකේ නිවැරදිතාව පරීක්ෂා කර බලයි. ඒවා නිවැරදි නම් පමණයි අපිට අවශ්‍ය මුදල් ATM යන්ත්‍රය විසින් නිකුත් කරනු ලබන්නේ. මෙම සම්පුර්ණ ක්‍රියාවලිය ඉවර වෙන තෙක් අපේ කාඩ් නම්බර් එක සහ PIN නම්බර් එක තාවකාලිකව ATM යන්ත්‍රයේ සුරකිනු ලබයි. ඉන් පසුව ඒවා ඉබේම මැකිලා යයි. මුදල් නිකුත් කිරීමේදී
ATM යන්ත්‍රයේ ප්‍රධාන වශයෙන් සළකා බලන්නේ මුදල්වල ඝනකම/මහත පිළිබඳවයි.
මහත අඩු වැඩි වුවහොත් ඒවා වෙනම වෙන්කර තබයි. යන්ත්‍රය නඩත්තු කරන නිලධාරීන්
එම මුදල් විශේෂ පරික්ෂාවට ගෙනයයි.
හැම බැංකුවක්ම අපිට කියා එක් මුරපදයක් තියල තිබෙනවා (0000,1234). ප්‍රථම වතාවට අපට කාඩ් එක ලබාදෙද්දී එම මුරපදය තමයි තියෙන්නේ. පසුව අපි එම මුරපදය අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගත යුතුයි. එසේ අපි මාරුකරන මුරපදය හා බැංකුව ප්‍රථම වතාවට ලබාදුන් මුරපදය අතර තියන වෙනස (Offset Value) අපේ ගිණුම ඇති බැංකුවේ server එකේ ගබඩා කරනු ලබයි. අපි ATM එක පාවිච්චි කරන හැම අවස්ථාවකදීම අපේ මුරපදය හා බැංකුව විසින් ලබාදුන් මුරපදය අතර වෙනස තමයි සසඳන්නේ මිස කෙළින්ම අපේ මුරපදය බලන්නේ නැත. ජාත්‍යන්තර සම්මතයට අනුව 4 සිට 12 දක්වා ඉලක්කම් මුරපදයක් වශයෙන් පාවිච්චි කරන්න නියම කර ඇත. නමුත් ATM යන්ත්‍රයට ඇත්තේ ඉලක්කම් 4ක මුරපදයක් පමණි. barron නිපදවපු ප්‍රථම ATM යන්ත්‍රයට PIN number 6ක මුරපදයක් ලබා දී ඇත. නමුත් ඔහුගේ බිරිඳ "මට නම්බර්ස් 6ක් මතක තියාගන්න බැහැ 4ක් තිබුනොත් හොඳයි " කියලා පවසා ඇත. එදා barron තමාගේ බ්රිඳ වෙනුවෙන් මාරුකරපු නම්බර 4 මුරපදය තමයි අදටත් ක්‍රියාන්විතයේ පැවතෙන්නේ. (Swiss බැංකුවේ සහ සමහර යුරෝප් බැංකුවල නම්බර 6 මුරපද පාවිච්චි කරයි).


